"ගුරුන්ටත් අකුරු වරදී" යන කියමන අතීතයේ සිටම පැවත එන්නකි. සිංහලෙන් ලිවීමේදී නිවැරදි අක්ෂර වින්‍යාසය ගළපා 100% නිවැරදිව ලිවීම බොහෝ දෙනෙකුට අභියෝගයකි. භාෂා රීති සියල්ලම මතකයේ තබා ගැනීම සියලු දෙනාටම පහසු නැත. යම් සිංහල වචනයක නිවැරදි අක්ෂර වින්‍යාසය හා එහි අරුත ඉතා ඉක්මනින් ලබාදීමේ හැකියාව සහිතව නිර්මාණය කර ඇති මාර්ග ගත (online) මෘදුකාංගයක් ලෙස --සිදත-- හඳුන්වා දිය හැකිය. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කළ ගුරු මාර්ගෝපදේශ, පෙළපොත්, විෂය නිර්දේශ හා වෙනත් අධ්‍යාපනික පොත්පත්, මූලාශ්‍ර ලේඛන සහ සිංහල භාෂා විද්වතුන් විසින් පුරාණයේ සිට සකස් කළ ග්‍රන්ථ රාශියක් පරිශීලනය කිරීමෙන් අනතුරුව මෙම මෘදුකාංගය නිර්මාණය කොට ඇත.
සහ වෙනත් ඕනෑම කෙනෙකුට මෙම මෘදුකාංගය භාවිතා කොට සිය එදිනෙදා ලේඛන කටයුතු වඩාත් විධිමත්ව හා නිවැරදිව සිදුකළ හැකිය.